ලුණුවිල පවුඩර්
Lunuvila Powder
ලුණුවිල කියන්නෙ හරි අරුම පුදුම පුංචි පැළෑටියක්
බඹතිරි, බැමිතිරිය, බැම්පිරිය යන හෙළ නම් වලින් හඳුන්වන ලුණුවිල (Bacopa monnieri) ඉතා වටින කියන ඖෂධයක්..
ජලාශ්‍රිත ප්‍රදේශ වල මනාව වැඩෙන, සිහින් දිග පැළෑටියක් වන ලුණුවිල දම් පාටට හුරු පුංචි මලකට හිමිකම් කියනවා..
බුද්ධි වර්ධනයට වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග වලට ලුණුවිල ප්‍රත්‍යක්ෂ ඖෂධයක්..
ඒ වගේම ලුණුවිල කියන්නෙ අපිට එදිනෙදා ආහාරයට එකතු කරගන්න පුළුවන් ගුණදායී කෑමක්.. නමුත් ලුනුවිල මදක් තිත්ත ගතියෙන් යුක්තයි..
🌿 ලුණුවිල ආහාරයට ගත හැකි ආකාර;
🍀 සම්බෝලයක් ලෙස
🍀 කොළ මැල්ලුමක් ලෙස
🍀 වෑංජනයක් ලෙස
🍀 තෙම්පරාදුවක් ලෙස
🍀 තැම්බුමක් ලෙස
🍀 කැඳ සෑදීමට
🍀 සුප් සෑදීමට
🌿 ලුණුවිල වල ගුණ;
🍀 වයසට යාමත් සමග ඇතැම් විට මතක ශක්තිය අඩු වෙනවා.. එවන් අවස්ථාවලදී දිනපතා උදැසන ලුනුවිල යුෂ බිංදු ස්වල්පයක් පානය කිරීම ඉතා යෝග්‍යයි.. එවිට නැවත මොළේ පටකවල යම් වර්ධනයක් සිදුවෙනවා..
🍀 සමහර අවස්ථාවලදී අවට පාරිසරික හේතුන් නිසා හෝ අප ගන්නා ආහාරපාන නිසා ශරීරයට විස තත්වයක් ඇති වෙන්න පුළුවන්.. එවැනි විස ශරීරයෙන් ඉවත් කරන්නේ අක්මාව මගින්.. ඉතින් අක්මාව දැඩි ලෙස වෙහෙසීමෙන් අක්මාව දුර්වල වෙන්න පුළුවන්.. එවැනි දුර්වල අක්මාවන් නිරෝගී කරන්නත් ලුනුවිල කසායක් ලෙස පානය කිරීම ගුණදායකයි..
🍀 සමහර අවස්ථා වලදී අපේ ශරීරයේ විවිධ ප්‍රදාහ රෝග ඇති වෙන්න පුළුවන්.. ඉදිමුම්, රතුවීම්, වේදනා වැනි අවස්ථාවලදී ලුනුවිල පත්‍ර කොටාගත් ඉස්ම ඒ ස්ථානවල ආලේප කරන්න පුළුවන්..
🍀 ඉතාමත් පුංචි වුනත් මේ පැලෑටිය සතු ඖශදිය ගුණය විස්මිතයි.. ලුනුවිල ශාකය කසායක් ලෙස, පවුඩර් එකක් ලෙස, යුෂ ලෙස භාවිතා කරන්න පුළුවන්..
🍀 සමහරුන්ට රාත්‍රියේදී නින්ද නොයන රෝග තත්ත්වයක් තිබෙනවා.. එයට හේතුව තමා මානසික ආතතිය.. එවිට ලුනුවිල ශාකය මදක් වියලා සිහින් ලෙස කුඩු කර ගත් චුර්ණය ඇල්දිය වීදුරුවකට දමා රාත්‍රියේ පානය කරන්න පුළුවන්.. ක්ෂණිකව නින්දට අවතීරණ වීමට මෙය කදිම ඖෂධයක්..
🍀 ඉන්දියාවේ සමහර සුප් වර්ග සකස් කිරීමේදී ලුනුවිල ශාකයේ කොළ කිහිපයක් එයට යොදවනවා.. ඒ වගේම සලාද, මිශ්‍ර කොළ මැල්ලුම් වලදීත් මේ ශාකයේ කොළ කිහිපයක් එකතු කරනවා.